මෙරට රේඩියෝ ඉතිහාසයේ පළමු රේඩියෝ රාජ්‍ය සම්මාන උළෙල අද පැවැත්වෙනවා.
අද පස්වරු පහට සම්මාන උළෙල ආරම්භ වන්නේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීයි.
රේඩියෝ නාලිකා 50කට අධික සංඛ්‍යාවක් ලබාදුන් වැඩසටහන් සහ නිර්මාණ ඇගයීමට ලක්කර තරග අංශ 25ක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමෙන බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ.
රේඩියෝ මාධ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ මාධ්‍යවේදීන් තිදෙනෙකුට මෙහිදී ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන ප්‍රතිභා ප්රණාමගෞරව සම්මානය ද ලබාදීමට නියමිතයි.
ඒ අනුව සිංහල මාධ්‍ය අංශය වෙනුවෙන් ප්‍රභා රණතුංග, දෙමළ මාධ්‍ය වෙනුවෙන් සව්සොරුවපවතී නාදන් සහ ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් විජය කොරයා එම සම්මාන ලැබීම සඳහා සුදුසුකම් ලබා සිටිනවා.