Saturday, September 21, 2024

General line - 0115112241

දිරිය නෙත් ප‍්‍රජා සත්කාර තවත් ඉදිරියට




නෙත් එෆ්. එම්. රේඩියෝවේ දිරිය නෙත් ප‍්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් අදියරක් පොළොන්නරුව ජයන්තිපුර නාගපොකුණ විද්‍යාලයේ දී අද (24) පැවැත්වෙනවා.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 86 කණ්ඩායම සමග එක්ව, දිරිය නෙත් වැඩසටහන යටතේ ඉදි කළ ජයන්තිපුර නාගපොකුණ විද්‍යාලයේ පුස්තකාලය සහ ශ‍්‍රවණාගාරය සිසු අයිතියට පැවරීම මෙහිදී සිදු වනවා.          

මේ අතර රුවන්වැල්ල වැන්දල සිරි විසුද්ධාරාම විහාරස්ථානයේ සිරි සෝභිත නැණ පහන සමාජ සත්කාර පදනම, දිරිය නෙත් වැඩසටහන සමගින් එක්ව සිදු කෙරෙන තවත් සමාජ සත්කාරක වැඩසටහනක් ඇතිමලේ ශ‍්‍රී නාගලෙන පුරාණ විහාරයේ දී අද පැවැත්වෙනවා.

ආර්ථික දුෂ්කරතා සහිත දහම් පාසල් සිසු සිසුවියන් පන්සියයකට වැඩි පිරිසකට පාසල් උපකරණ බෙදාදීම මෙහිදී සිදු කෙරෙනවා.

ඒ පිළිබඳ අදහස් දැක් වූ කරවනැල්ල වැන්දල සිරි විසුද්ධාරාමාධිපති පූජ්‍ය හාලියාලේ අරියවංශ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා සහිත දරුදැරියන් සම්බන්ධ කරගනිමින් මෙම සත්කාර්යය සිදු කරන බවයි.