Saturday, September 21, 2024

General line - 0115112241

නාසා සොයාගත් පෘථිවියට සමාන ග්‍රහලෝක ගැන ඇති අලුත්ම අභියෝගය




නාසා ආයතනය මගින් සොයාගත් පෘථිවියට සමාන ග‍්‍රහලෝකවල ජීවීන් සිටීද යන්න පිළිබඳ සොයා ගැනීම සඳහා වසර 80ක පමණ කාලයක් ගතවනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය, තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න පවසනවා.

විද්‍යුත් චුම්බක තාක්ෂණයෙන් තරංගයක් එම ග‍්‍රහලෝක වෙත යොමු කර එහි සිට නැවත ප‍්‍රතිචාරයක් ලැබීමට මෙම කාලය ගතවන බවයි මහාචාර්ය චන්දන ජයරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ.

නාසා ආයතනය මගින් සොයාගත් පෘථිවියට සමාන සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක හතක් පවතින අතර ඒ අතරින් ග‍්‍රහලෝක තුනක් ජීවීන් පැවතිය හැකි ලෙස පිහිටා ඇති බවයි පැවසෙන්නේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක් වූ තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ "මෙම ග්‍රහලෝක පිහිටලා තියෙන්නේ අපේ සුර්යයාගේ ඉදලා ආලෝක වර්ෂ 40 ක් ඈතින්. ඉතින් මේකට පණිවුඩයක් යවන්න අවුරුදු 40 ක් යනවා. ඒකට පිළිතුරක් එන්න තවත් අවුරුදු 40 ක් යනවා. දැන් මේ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. " යනුවෙනි.