Saturday, September 21, 2024

General line - 0115112241

දෙමළ ජනතාවගේ දේශපාලන ඉරණම ඔවුන්ටම තීරණය කරන්න දෙන්නලු




පෙබරවාරී මස 27 වැනිදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ මෙවර සැසිවාරයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනා 20 ක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වනවා.

මේ අතරින් 18 ක්ම යොමුකර ඇත්තේ විදේශීය රාජ්‍ය නොවන සංවිධාන විසින්. එම යෝජනා ශ‍්‍රී ලංකාවේ පාරම්පරික දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඒවා බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.

දෙමළ ජනතාවගේ දේශපාලන ඉරණම ඔවුන් විසින්ම තීරණය කරගත හැකි පරිදි ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් පමණක් ජනමත විචාරණයක් පැවැත්විය  යුතුය යන්න ඒවායේ ඇතුළත් ප‍්‍රධාන යෝජනාවක්.

එමෙන්ම දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය වන බවද ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවල ඇතුළත්. 

මීට අමතරව මානව හිමිකම් කවුන්සිලය මගින් පත් කළ නියෝජිතයින් සකස් කළ වාර්තා දෙකක් ද මෙවර සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙරට සුළු ජාතිකයින්ගේ ප‍්‍රශ්න සහ වද හිංසා සිදු වූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් එම වාර්තා දෙක ඉදිරිපත් කිරීමට නියමිතයි.