Saturday, September 21, 2024

General line - 0115112241

නිර්නාමික ඇමතුමකින් බන්ධනාගාර පරීක්ෂණ කමිටුවක් කැළඹෙයි




දුම්බර බෝගම්බර බන්ධනාගාර අධිකාරීවරයා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයක් නතර කරන්නැයි දුරකතනයෙන් එල්ල වූ තර්ජනයක් පිළිබඳ එම කමිටුවේ සාමාජිකයෙකු පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙලෙස තර්ජනයට ලක්ව ඇත්තේ මහර බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයෙකු බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

බෝගම්බර බන්ධනාගාර අධිකාරීවරයාගේ බැංකු ගිණුමකට කිසියම් පාර්ශවයක් විසින් රුපියල් ලක්ෂ විස්සක් බැර කිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව පරීක්ෂණ පවත්වනවා.

තිදෙනෙකුගෙන් යුත් එම කමිටුව පත්කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින්.

එල්ල වූ තර්ජන හේතුවෙන් අදාළ සාමාජිකයා එම පරීක්ෂණ කමිටුවෙන් ඉවත් වී ඇතැයි ද වාර්තා වුණා. කෙසේ වෙතත් අදාළ පරීක්ෂණය අඛණ්ඩව සිදු කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

චෝදනාවට ලක්ව සිටින බෝගම්බර බන්ධනාගාර අධිකාරීවරයා මීට පෙර ද චෝදනා කිහිපයක් එල්ලවූ අයෙකු බවයි පැවසෙන්නේ.