Saturday, September 21, 2024

General line - 0115112241

රංගිරි දඹුලු රජමහා විහාරයේ සල්ලි නැහැලු




වසර 20ක් පුරා දඹුලු විහාරය නැරඹීමට එන විදේශිකයින්ට ප‍්‍රවේශපත් අලවියෙන් ලැබුණු මුදල් අවභාවිත වී ඇත්නම් ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදු කරන්නැයි රංගිරි දඹුලු රජමහ විහාරාධිපති අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නාහිමියන් ඉල්ලීමක් කරනවා.

ඉකුත් වසර විස්ස තුළ විදේශිකයින්ට ප‍්‍රවේශපත් අලෙවි කිරීමෙන් උපයාගත් රුපියල් කෝටි හත්සියයත්, දහසත් අතර මුදලක් අවභාවිත වී ඇති බවට සංස්කෘතික ත‍්‍රිකෝණ අරමුදලේ නිලධාරීන් තමන් වහන්සේ වෙත ප‍්‍රකාශ කළ බවයි පූජ්‍ය ගොඩගම මංගල නාහිමියන් සඳහන් කළේ.