නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් නවසීලන්තය බලා යාමට තැත් කළ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මීගමුව ලෙල්ලම ප්රදේශයේදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මඩකලපුව කලවංචිකුළම ප්රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ්.
ඔවුන් මීගමුව පොලිසිය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කළා.