Saturday, September 21, 2024

General line - 0115112241

16 කට මරු කැඳවූ බෝට්ටුවේ නියාමකට ඇප...




කටුකුරුන්ද මුහුදු තීරයේ දී අනතුරට පත් වූ යාත‍්‍රාව පැද වූ පුද්ගලයා කළුතර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (23) පස්වරුවේ බේරුවල වරායේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි කළුතර දකුණ පොලිසිය පැවසුවේ.

24 හැවිරිදි සැකකරු බේරුවල බෝගල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.  ඔහු නමින් පුංචිහේවාගේ දිනේෂ් රුවන් කුමාර නැමැත්තෙක්.

මෙම බෝට්ටු අනතුරෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. 

ඔහු ලබන 6 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, සැකකරු කළුතර වැඩබලන මහේස්ත‍්‍රාත් ශ්‍යාමලී යාපා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.