Saturday, September 21, 2024

General line - 0115112241

දකුණේ මන්ත්‍රී දින 10 ක් බක්කි කරත්තයෙන් යයි (PHOTOS)




දකුණු පළාත් සභා මන්ත‍්‍රී ආරියවංශ සම්මු අද (24) උදෑසන සීනිගම දෙවොල් දේවාලයේ සිට කතරගම දක්වා බක්කි කරත්තයකින් චාරිකාවක් ආරම්භ කළා.

ඒ, වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපයට විරෝධය දක්වමින්. පසුව කතරගම දේවාලයේදී පූජාවක් ද පැවැත්වීමට දකුණු පළාත් සභා මන්ත‍්‍රී ආරියවංශ සම්මු අරමුණු කර තිබෙනවා.

සිය ගමන ආරම්භ කිරීමට පෙර සීනිගම දෙවොල් දේවාලයේ දී දකුණු පළාත් සභා මන්ත‍්‍රී ආරියවංශ සම්මු මාධ්‍යට  අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ මෙය ජනප්‍රියත්වය සහ  ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් සිදු නොකරන්නක් බවයි.  දින 10 ක් ගමන් කරමින් මෙම කටයුත්ත අවසන් කරන්නට සැළසුම් කර ඇති බවත් සඳහන් කළා.

කතරගම දක්වා මන්ත‍්‍රීවරයා ගමන්ගන්නා බක්කි කරත්තයේ ආණ්ඩුවට එරෙහි විරෝධතා පුවරු කිහිපයක් සවිකර තිබුණා. මන්ත‍්‍රීවරයා සිය ගමන ආරම්භ කළේ කවි කිහිපයක් ද ගායනා කරමින්.