Saturday, September 21, 2024

General line - 0115112241

වනජීවි රාජකාරී සඳහා හමුදාව කැඳවීමේ සූදානමක්




වන ජීවි නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික වනෝද්‍යාන රැසක කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඒ. එම්. පී. ජී. අත්තනායක සඳහන් කළේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතැම් ජාතික වනෝද්‍යානවලට විදේශිකයින් පැමිණීම පවා සීමා වී ඇති බවයි. බලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ මූල්‍ය වටිනාකම වෙත පමණක් බවත් සිය නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන්නේ වනජීවි සංරක්ෂණය වෙනුවෙන් බවත් පැවසුවා.  

පවතින තත්වය පිළිබඳ නෙත් නිවුස් වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්. එස්. කේ. පතිරත්නගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ සිවිල් ආරක්ෂක බලකාය දැනටමත් අවශ්‍ය කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි.

හදිසි අවශ්‍යතා සඳහා යුද හමුදාව කැඳවීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.