Saturday, September 21, 2024

General line - 0115112241

අතුරුදන්වූවන්ගේ ඥාතීන් අදත් උපවාසයේ




අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් අද (24) දහවල් වවුනියාවේදී යළි මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඔවුන් පවසන්නේ තම ගැටලූවලට රජයේ පාර්ශ්වයෙන් නිසි විසඳුමක් මෙතෙක් ලැබී නොමැති බවයි. 

ඉකුත් මාසයේදී ද අතුරුදන්වූන්ගේ ඥාතීන් වවුනියාවේදී දින 4ක උපවාසයක නිරත වුණා. පසුව ඔවුන් එය අතහරිනු ලැබුවේ රජයේ බලධාරීන් විසින් ලබාදුන් පොරොන්දුවක් පදනම් කරගනිමින්. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් සති දෙකක් තුළ ලබාදෙන බවට බලධාරීන් පොරොන්දු වූ බවයි මේ වන විට උපවාසයේ නිරත පිරිස් පවසන්නේ.

ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ විපක්ෂ නායකවරයා හෝ තම ගැටලූවලට නිසි විසඳුමක් ලබාදෙන තෙක් මෙම උපවාසය අත් නොහරින බවද ඔවුන් අවධාරණය කළා. 

මෙම උපවාසය ආරම්භ කිරීමට පෙර ඔවුන් වවුනියාව කන්දසාමි කෝවිල ඉදිරිපිට සිට විරෝධතා පෙළපාළියක ද නිරත වුණා. ඒ සඳහා ස්වෙච්ඡා සංවිධාන කිහිපයක සාමාජිකයින් ද එක්ව සිටියා.