Saturday, September 21, 2024

General line - 0115112241

හම්බන්තොට වරායේ 80%ක ණය මේ වසරේ ගෙවා අවසන්!!




හම්බන්තොට වරාය ඉදිකිරීම් සදහා ලබාගත් ණය ප්‍රමාණයෙන් සියයට 80ක් මේ වසරේ ගෙවා අවසන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ චීන සමාගමක් සමග අත්සන් කළ ගිවිසුම ඊට හේතු වූ බවයි. 

ඒ අනුව චයිනා මර්චන්ට් සමාගම හා වරාය අධිකාරිය  හවුලේ හම්බන්තොට වරාය පවත්වාගෙන යාමට කටයුතු කළ බවත්,එහි ප්‍රතිඵලය ලෙස හවුලේ අයිතිය හිමිවීමත්,එම මුදල් ලැබුණු පසු හම්බන්තොට වරායේ ණයෙන් 80% පමණ මෙම වසර තුළදී ගෙවා අවසන් වන බවද වැඩිදුරටත් පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අක්මීමණ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රටේ ආර්ථීකය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබූ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

හම්බන්තොට වරාය දියුණු කිරීම හරහා දකුණේ සංචාරක කර්මාන්තය ද දියුණු වන බවද මෙහිදී ප්‍රකාශයට පත්විණ.