තම රජයේ ප්‍රතිපත්තිය සියලූම රටවල් සමග මිත්‍රත්වය හා සහයෝගීත්වය ගොඩනගා ගැනීම තුළින් ආර්ථීක ප්‍රගතිය වේගවත් කරගැනීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මෙරටට පැමිණ සිටින අමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී හමුවූ අවස්ථාවේදීයි.
පසුගිය වසර දෙක තුළ වත්මන් රජයේ ගමන් මග හා එහි සාර්ථකත්වය මෙහිදී අමෙරිකානු නියෝජිතයින් විසින් අගය කරනු ලැබුවා.
මෙරට සංහිඳියා වැඩපිළිවෙළ, ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමේ වැඩපිළිවෙළ හා ආර්ථීක ප්රතිපත්තීන් ද ඇගයීමට ලක්කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
රට තුළ යුද්ධයක් ඇති වීම වළක්වමින් ගෙන යන සංහිඳියා වැඩපිළිවෙළ පිළිබදව ජනාධිපතිවරයා මෙහිදී අමෙරිකානු නියෝජිතයින් දැනුවත් කර තිඛෙනවා.
සංහිඳියාව ශක්තිමත් කිරීම, ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරක්ෂිත කිරීම හා ආර්ථීක සමෘද්ධිය ඇති කරමින් ජන ජීවිතය නගාසිටුවීම රජයේ ප්‍රධාන අරමුණ බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ශ්‍රී ලංකාව සුවිශාල විදේශ ආයෝජන ගිවිසුම් ඇතිකර ගැනීමේදී ජාතික ආරක්ෂාව මෙන්ම කලාපීය ආරක්ෂාව පිළිබදව ද අවධානයෙන් කටයුතු කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කර තිඛෙනවා.