Friday, May 3, 2024

General line - 0115112241

ජාවාරමට පොලිසියෙන් පැන්නොත් ගුටි කන්න වෙන්නේ ප්‍රදේශවාසීන්ටයි




කලාවැවට දියවර රැගෙන යන කැකිරාව - මිල්ලගහවත්ත මිරිස්ගොනිය ඔය තුළ කලක සිට මහා පරිමාණයෙන් වැලි ගොඩ දැමීමේ ජාවාරමක් සිදුවන බව ප්‍රදේශවාසීන් පවසනවා. 

මේ හේතුවෙන් මිරිස්ගොනිය ඔයෙහි ඉවුර සම්පූර්ණයෙන් ඛාදනය වී තිබෙනවා.  ජාවාරමට විරුද්ධ වන ප්‍රදේශවාසීන්ට ප්‍රසිද්ධියේ පහරදී නිවෙස්වලට ද අලාභහානි සිදුකරන බවයි ජනතාව ප්‍රකාශ කරන්නේ.  

මේ පිලිබඳව පොලීසියට, භූවිද්‍යා නිලධාරීන්ට හා මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී තිබුණත් තවමත් ඒ පිළිබඳව සොයා බැලීමක් සිදුකර නැති බවටද ගම්මුන් චෝදනා කරනවා. 

මේ අතර එම ස්ථානයේ ගංජා ජාවාරමක් ද සිදුවන බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ.  එක් අවස්ථාවකදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මෙම වැලි ජාවාරම්කරුවන්ව ගංජා ද සමගින් අත්අඩංගුවට ගෙන තිබූ බවත් පැවසුවා. 

අනතුරුව පසු දින රාත්‍රියේ තවත් පුද්ගලයින් 30ක් පමණ පැමිණ පොලීසියට පැමිණිලි කළේ යැයි කියා ගම්වාසීන්ට හා නිවෙස්වලට පහරදුන් බවද සඳහන් කළා.