Thursday, December 26, 2024

General line - 0115112241

නිල සංචාරයක් සඳහා ජනපති ඉන්දුනීසියාව බලා පිටව යයි




නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියාව බලා පිටත්ව ගියා.

කටුනායක ගුවන් තොටුපල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ පෙරවරු 07 යි 35 ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ යූ. එල්. 364 දරණ යානයෙන් ජනාධිපතිවරයා ඉන්දුනීසාවේ ජකර්තා බලා පිටත්ව ගිය බවයි. 

සංචාරයට එක්ව සිටින දූත පිරිසට සිව් දෙනෙකු ඇතුළත්. 

ඉන්දියානු සාගර කලාපීය රටවල සංවිධානයේ විසිවන සංවත්සරය සැමරීමට සමගාමීව පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ ප‍්‍රධාන අරමුණයි. 

ආරම්භක දිනයේදීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  මහතා සමුළුව ඇමතීමටයි නියමිතව ඇත්තේ.

............................................................................................................................................

ජනාධිපති නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියාවට 

06-03-2017 05:29

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියාව බලා අද (06) පිටත්ව යනවා.

ඒ, ජකර්තා නුවර දී පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහායි.

ඉන්දියානු සාගර කලාපීය රටවල සංවිධානයේ විසිවන සංවත්සරය සැමරීමට සමගාමීව මෙවර රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙනවා. 

ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසාර සහ සමබර සංවර්ධනය එහි අරමුණයි. 

සමුළුව හෙට ආරම්භ වනවා. මෙවර එහි තේමාව වන්නේ ‘‘ ඉන්දියානු සාගරය සාමකාමී ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත්කිරීම සඳහා සමුද්‍රීය සහයෝගීතාව දියුණු කිරීම’’ යන්නයි. 

ආරම්භක දිනයේදීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  මහතා සමුළුව ඇමතීමටයි නියමිතව ඇත්තේ.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ධීවර මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රයේ ගිවිසුම් දෙකකට ද මෙහිදී අත්සන් තැබෙනු ඇති.