Friday, September 20, 2024

General line - 0115112241

ගැසට් පත‍්‍රය රැගෙන ඒකාබද්ධ විපක්ෂය සීඅයිඞීයට




ආන්දෝලනයට තුඩු දී ඇති බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ අදාළ ගැසට් නිවේදනයට හිටපු ජනාධිපතිවරයාගේ නම ඇතුළත් කිරීම ව්‍යාජ ලෙස සිදු කළ එකක් බවයි.

අදාළ ගැසට් නිවේදනය කූට ලේඛනයක් බවද ඔහු පැවසුවා.

සිදුව ඇති වැරැද්ද ආවරණය කිරීමට ආණ්ඩුවේ පාර්ශවය කටයුතු කරන බවද ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා. 

මෙම ගැසට් නිවේදනය පිළිබඳ තොරතුරු අනාවරණ වුණේ බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසන් සභාවේදීයි.