Thursday, September 19, 2024

General line - 0115112241

දිනේෂ් ගුණවර්ධනට පාර්ලිමේන්තුව තහනම් (UPDATE)




පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට පාර්ලිමේන්තු තහනමක් පනවා තිබෙනවා.

නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ කතානායක කරූ ජයසූරිය මහතා විසින් ප්‍රකාශ කලේ දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට සතියක කාලයක් මෙලෙස පාර්ලිමේන්තු තහනමක් පැනවීමට බවයි.

යෝජනා සම්මතයකින් මෙම තීරණය ගත් අතර ඒ සඳහා පක්ෂව ඡන්ද 85 ක් හා විපක්ෂව ඡන්ද 22 හිමි වුණා.

----------------------

දිනේෂ් ගුණවර්ධනව රැගෙන යන්න පොලිසියෙන් කැඳවයි

(08-03-2017 14:47)

 

පාර්ලිමේන්තු සභා ගර්භයට මේ වන විට පොලිස් නිළධාරීන් ගෙන්වා තිබෙනවා.  එමෙන්ම සභාවේ කටයුතු තුන්වන වරටත් යළිත් කල් තැබීමට කතානායකවරයා තීරණය කළා.

ඒ, අද (08) දිනයේ පාර්ලිමේන්තු රැස්විම් කටයුතුවලින් ඉවත් කෙරුණු දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සභාවෙන් පිටතට රැගෙන යාම සඳහායි.

මන්ත්‍රිවරයා සභාවෙන් පිටවීම ප්‍රතික්ෂේප කරමින් අසුනේ රැඳී සිටීම හේතුවෙන් මෙලෙස පොලිසිය කැඳවනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන අද දින පාර්ලිමේන්තුවේ  කටයුතු අවසන් වන තුරු සභාවේන් ඉවත් කිරීමට කතානායක කරු ජයසූරිය  මහතා නියෝග කළා.

ඒ, දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කිරීම හේතුවෙන්.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇතුළු ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තුව තුළ සවාධීනව කටයුතු කළ නොහැකි බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී  දැනුම් දුන්නා.

ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සභාව මැදට පැමිණ විරෝධය පළ කිරීම හේ්තුවෙන් සභාවේ කටයුතු අවස්ථා දෙකකදී කල් තැබිමට ද සිදු වුණා.