Thursday, September 19, 2024

General line - 0115112241

කොල්ලුපිටිය හන්දිය වසා දමයි - විකල්ප මාර්ග පොලිසියෙන් කියයි




සරසවි සිසුන්ගේ පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය මංසන්දියෙන් සහ සෙරමික් හන්දියෙන් ගාලු පාර වසා දමා තිබෙනවා.

මෙම පාගමන  කොල්ලුපිටිය ප්‍රදේශය පසුකර පැමිණෙන බැවින් කොල්ලුපිටියේ රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

විකල්ප මාර්ග ලෙසට කොළඹට ඇතුලුවීම සඳහා කොල්ලුපිටිය හංදියෙන් ධර්මපාල මාවත, ජේම්ස් පීරිස් මාවත හරහා කොම්පඤ්ඤවීදිය ඔස්සේ කොළඹට පැමිණිය හැකි බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

කොළඹින් පිටවීම ද කොම්පඤ්ඤවීදිය හරහා සිදුකළ හැකියි.