Thursday, September 19, 2024

General line - 0115112241

සතර දෙසින් කොටුව වට වෙයි




සරසවි සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව සහ පිටකොටුව අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතාව සංවිධාන කර තිබෙනවා.

කැළණිය විශ්ව විද්‍යාලය අසලින්, වත්තල නගරයේ සිට, මොරටුව විශ්ව විද්‍යාලය අසල සිට, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල සිට මෙම විරෝධතා පාගමන් පැමිණ තිබෙනවා.