Thursday, September 19, 2024

General line - 0115112241

පත්තිනි මහා දේව ආශීර්වාද පූජාව අද රාත්‍රියේ




ලෝවාසී සියලු කාන්තාවන්ට ආශිර්වාද  ප‍්‍රාර්ථනා කරමින් නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන පිංකම් මාලාවේ තවත් පිංකමක් අද (08) පස්වරුවේ නවගමුව පත්තිනි දේවාල පරිශ‍්‍රයේදී සිදු කෙරෙනවා.

එහි සිටින නෙත් නිවුස් විශේෂ වාර්තාකරු දර්ශන බණ්ඩාර සඳහන් කළේ අද රාත්‍රී 7.00 සිට පත්තිනි මහා දේව ආශීර්වාද පූජාව සිදු කෙරෙන බවයි. මෙම පිංකම සජීවීව විකාශය කරන්නටද කටයුතු යොදා තිබෙනවා.

නවගමුව පුරාණ ශ්‍රී සත් පත්තිනි මහා දේවාල පරිශ්‍රය පිහිටි ශ්‍රී සුගත බිම්බාරාම රාජමහා විහාරස්ථ පිං බිමේදී මෙම කටයුතු සිදු කෙරෙනවා.

පස්වරුවේ පැවැත්වෙන ආශිර්වාද සෙත් පූජාවට සහභාගිවන්නන්ට කහමල් සහ අබතෙල් මිශ‍්‍ර තල තෙල් පහනක්ද රැගෙන එන්නැයි දැනුම්දීමක්ද සිදු කළා.