Thursday, September 19, 2024

General line - 0115112241

මොරගහකන්ද ජල ව්‍යාපෘතියෙන් අසරණ වූ පිරිසක් මහපාරේ




මොරගහකන්ද - කළුගග වාරි ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වූ ජනතාව සඳහා වන්දි මුදල් ලබා දී තිබුන ද එම පවුල්වල අනු පවුල් සඳහා පොරොන්දු වූ වන්දී මුදල් මෙතෙක් ලබා දී නැතැයි එම ජනතාව පවසනවා.

පවුල් 20 ක පමණ පිරිසක් මීට විරෝධය  පාමින් ඊයේ (08) උද්ඝෝෂණයක නිරත වුණා.

නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තලාගොඩ මන්සංධියේ පිරිස මෙලෙස රැය පහන් කරමින් විරෝධතාවය දැක්වුවා.

ජල ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන්වන ජනතාව පදිංචි වී සිටි ඇලගමුව ගම්මානයේ පිරිස් ද මෙම පිරිස අතර වනවා.

විරෝධතාකරුවන් රැදී සිටින ප‍්‍රදේශයේ වන අලි නිතර ගැවසෙන ප‍්‍රදේශයක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විරෝධතාකරුවන් මෙහිදි කියා සිටියේ තමන්ට රුපියල් ලක්ෂ 16 ක වන්දි මුදලක් ලබා දෙන බවට මහවැලි අධිකාරිය පොරොන්දු වුවත් එය මෙතෙක් ලබා දී නොමැති බවයි.

ඔවුන්ගේ වන්දි මුදල් ලබා දෙන තෙක් කිසිවිටකත් අදාළ ස්ථානයෙන් ඉවත් නොවන බවද විරෝධතාකරුවන් සඳහන් කළා.