Thursday, September 19, 2024

General line - 0115112241

දේහය ආදාහනය කරද්දී පිපිරිමක් (VIDEO)




අරණායක ප‍්‍රාදේශිය සභාවට අයත් අරණායක පොල්අඹේගොඩ පිහිටි අාදාහනාගාරයේ මළ සිරුරක් පුළුස්සමින් සිටියදි පිපිරීමක් සිදුව තිබෙනවා.

පිපිරීමෙන් එහි එක් සේවකයෙකු තුවාල ලබා  අරණායක දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහල වෙත මාරු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පිපිරීමත් සමග විදුලිය විසන්ධි විමක්ද සිදු වූ බවයි වාර්තා වෙන්නේ.

පසුව මළ සිරුර එම ස්ථානයෙන් ඉවත් කර ආදාහනාගාර බිමේ ප‍්‍රාදේශීය සභා බැකෝ යන්ත‍්‍රයක් ගෙන වලදැමීමට තීරණය කර තිබුණා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)