Thursday, September 19, 2024

General line - 0115112241

රජයේ මග වෙනස් කරන්න විරුද්ධ පක්ෂයට බැහැ




පාර්ලිමේන්තුවේ කටයුතු අඩපණ කිරිමේ අරමුණින් විපක්ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් කටයුතු කරමින් සිටින බව  ආණ්ඩුපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසනවා.

පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ඇති වූ නොසන්සුන්තාව පිළිබඳව පාර්ලිමේන්තු සංකීර්ණයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ  විරුද්ධ පක්ෂය අහිමි වූ බලය ඉතාම හදිසියකින් ලබා ගැනීමට විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ඇති බවයි.

මෙම ක්‍රියාවද සැළසුම් සහගතව සිදු කළ එකක් බවත් සඳහන් කළා. විරුද්ධ පක්ෂයේ ක්‍රියාකලාපය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයද කණගාටු වෙන බවත් පැවසුවා. බහුතරයක් ඇති රජයක් ලෙස සිය ගමන් මාර්ගය විරුද්ධ පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ හැසිරීම්වලට වෙනස් කළ නොහැකි බවත් සඳහන් කළා.