Thursday, September 19, 2024

General line - 0115112241

"ඒකාබද්ධ විපක්ෂය දැඩි පියවරක් ගන්නවා" - බන්දුල




ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධනට සතියක කාලයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඊයේ (08) සම්මත වුණා.

මෙලෙස අත්හිටුවීමේ යෝජනාවක් ගෙන ඒමට හේතු වූයේ ඔහු සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කිරීමයි.

පැවති ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ සිටින ඇතැම් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ද ඡන්දය භාවිතයෙන් වැළකි සිටි බවයි ඒකාබද්ධ විපක්ෂය පැවසුවේ.

කෙසේවෙතත් දිනේෂ් ගුණවර්ධනට එරෙහිව මෙම තීරණය සම්බන්ධයෙන් ඉදිරියෙදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

මෙම මර්දනය ඉදිරියේදී දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට එල්ල කිරීමට ඉඩ ලබා දිය නොහැකි  බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. ඉදිරියේදී ගතයුතු පියවරයන් පිළිබඳව පක්ෂ නායකයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර සිදු කරන බවත් සඳහන් කළා.