Thursday, September 19, 2024

General line - 0115112241

සයිටම් එකට පක්ෂ මැතිඇමතිවරු අද හෙළි වෙයිලු




සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව පාර්ලිමේන්තුවේදී පක්ෂව කරුණු ඉදිරිපත් කරන මන්ත‍්‍රීවරුන් දේශද්‍රෝහින් ලෙස නම් කරන්නැයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය ඉල්ලිමක් කරනවා.

මේ පිළිබඳව අද (09) දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙන බවයි එහි කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේ. 

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ "පාර්ලිමේන්තුවේ පවතින විවාදයේදී සයිටම් ආයතනයට පක්ෂව අදහස් පළ කරන මැතිඇමතිවරුන් ගැන අපි හොඳ අවධානයෙන් ඉන්නවා. සයිටම් විවාදයෙදී ඊට පක්ෂව අදහස් දක්වන පිරිසව ජනතාව පැහැදිළිව හඳුනාගත යුතුයි." යනුවෙනි.