Thursday, September 19, 2024

General line - 0115112241

ශ්‍රී පාද රක්ෂිතයේ සැඟව සිටි ද්විත්ව ඝාතනයේ සැකකරු අල්ලයි




දැරණියගල මාගල ප‍්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරු ශ‍්‍රී පාද රක්ෂිතයේ සැඟවී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 07 වැනිදා සිදුවූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 19  හැවිරිදි තරුණයෙක්.

වයස අවුරුදු 07ක දැරියක් සහ හතළිසිස් පස් හැවිරිදි පුද්ගලයෙකු සැකකරු විසින් ඝාතනය කර තිබුණා. පසුව ඔහු ප‍්‍රදේශයෙන් පළා ගොස් සිටි බවයි පොලිසිය  සඳහන් කළේ.