Thursday, September 19, 2024

General line - 0115112241

සරසවි සිසුන් දෙපිරිසක් බොරැල්ලේ ගුටිකෙලියක




බොරැල්ල ප්‍රදේශයේදී සරසවි සිසුන් දෙපිරිසක් අතර ඊයේ (08) රාත්‍රියේ ගැටුමක් ඇති වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ආනන්ද රාජකරුණා මාවත ප්‍රදේශයේදී මෙම ගැටුම හටගෙන ඇති බවයි. 

බොරැල්ල පොලීසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ සරසවියේ දෙවන, තුන්වන සහ හතරවන වසරේ සිසුන්ට ශාස්ත්‍රපීඨයට ඇතුලුවීම තහනම් කිරීමටද පීඨාධිපතිවරයා විසින් තීරණය කර තිබෙනවා.

ගැටුමෙන් තුවාල ලැබූ සරසවි සිසුන් තුන් දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.