Saturday, April 20, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකත්වයට උරුමකම් කියන පුත්‍රයෙකු අන්තර්ජාලය කළඹයි (VIDEO)




ඝාතනයට ලක් වූ උතුරු කොරියානු නායකයාගේ ඥාති සොහොයුරු කිම් ජොන් නාම්ගේ පුතෙකු අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහැර තිබෙනවා.

කිම් හන් සොල් නැමැති ඔහු අන්තර්ජාලයට සිය වීඩියෝ පටයක් මෙලෙස මුදාහැර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

වීඩියෝ පටය තුළ ඉංග්‍රීසි බසින් අදහස් දක්වන ඔහු තමන් ආරක්ෂිතව  සිය මව සහ සහෝදරිය සමඟ වාසය කරන බව පවසනවා. 
එහෙත් ඔහු සිටින ස්ථානය පිළිබඳව කිසිඳු සඳහනක් කර නොමැති බවයි වාර්තා වන්නේ. 

උතුරු කොරියාවේ නායකත්වයට උරුමකම් කියන පුද්ගලයන් එහි වත්මන් නායක කිම් ජෝන් අන්ගේ ඉලක්ක බවට පත්වන්නේ නම් කිම් හන් සොල්ගේ ජීවිතයටද අනතුරක් ඇති බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

(වීඩියෝව පහතින් දැක්වෙයි)