රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මගින් හෙට (13) සහ අනිද්දා (14) ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය ලබා නොදෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මගින් හෙට ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් එම සංගමයේ සාමාජිකයින්ටද අවබෝධයක් නොමැති බවයි.
කෙසේ වෙතත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්රියාකලාපයන්ට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බවයි. වැටුප් විශමතා සහ දීමනා කිහිපයක්කි ලබා නොදීම ආදී ඉල්ලීම් කිහිපයක්ද ඒ අතර වනවා.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩි දුරටත් සඳහන් කළේ "හෙද සේවාවේ ඉන්ජෙක්ෂන් එකක්වත් දීගන්න බැරි..රෝගියෙක් හඳුනාගන්න බැරි සමන් රත්නප්‍රිය වැනි අයට තනතුරු දෙන්නටත් සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරලා තියෙනවා. අපි මේ ගැනත් සොයමින් ඉන්නේ." යනුවෙනි.
අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අදහස් දක්මින් සඳහන් කළේ අදාළ ගැටලු සම්බන්ධයෙන් දැනට බලධාරීන් සමග සාකච්ඡා කරමින් පවතින බවයි. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එකවරම හදිසියේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර ඇතත් පසුගිය කාලයේ උන්වහන්සේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටි බවත් සඳහන් කළා.
තම ගැටළුවලට සති තුනක් තුළ විසඳුම් ලබා නොදුණහොත් අපේ‍්‍රල් මස 06 වැනිදා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.