එච් වන් - එන් වන් වෛරසය වැළඳීම හේතුවෙන් ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා වව්නියාව රෝහල වෙත පැමිණි කාන්තාවක් මියගොස් තිබෙනවා.
රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය කේ. අකිලේන්ද්‍රන් පැවසුවේ වෛරසය ආසාධනය වූ පුද්ගලයින් විසි දෙදෙනෙකු මේ වනවිට රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවයි.
වෛරසය ආසාධනය වූ පුද්ගලයින්ගේ කිවිසුම් මගින් රෝගය සීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් පවතිනවා.
ඒ සම්බන්ධයෙන් ගැබිණි කාන්තාවන්, කුඩා දරුවන් හා වැඩිහිටියන් ද අවධානයෙන් සිටිය යුතු බවයි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය කේ. අකිලේන්ද්‍රන් සඳහන් කළේ.