විහාරස්ථානයක බෝ ගසේ අත්තක් කඩා වැටි පොහොය දින සිල් ගනිමින් සිටි සිල් මාතාවන් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
අද (12) පෙරවරුවේ අරණායක, අලුපොත, උස්සාපිටිය බම්පනේ රජමහ විහාරයේදී මෙම සිද්ධිය ඇති වී තිබුණා. තුවාලකරුවන් මාවනැල්ල මුලික රෝහලට ඇතුලත් කළ බවයි අරණායක පොලිසිය පැවසුවේ.
බෝ අත්ත වැටීමෙන් අනතුරට ලක්වූ එක් සිල් මාතාවක් ධර්ම ශාලාවේ කෙටි බිත්තියක ගැටී සිහිසුන්වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වු විහාරස්ථානයේ විහාරාධිපති නිකපිටියේ සද්ධානන්ද ස්වාමින් වහන්සේ පැවසුවේ සිහිසුන් වූ සිල් මාතාවගේ තත්ත්වය තරමක් බරපතල බව වාර්තා වී ඇති බවයි.