Thursday, May 16, 2024

General line - 0115112241

ගල් අඟුරු සිද්ධිය ගැන විශේෂ ප්‍රකාශයක්




ගල්අඟුරු මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදුකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු ප‍්‍රකාශ කළේ විගණන විමසුම සම්බන්ධයෙන් කඩිනමින් ප‍්‍රතිචාර දැක්වීමට ද බලාපොරොත්තු වන බවයි.

මේ අතර ඉකුත් දා පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේ අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් සකස් කෙරුණු විගණන වාර්තාව සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි.

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේදී නීතිපතිවරයා සිය නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ සුවිශේෂී කමිටුවේ වාර්තාව මේ මස 29 වැනිදා ලැබීමට නියමිත බවද සඳහන් කළා.