Tuesday, May 21, 2024

General line - 0115112241

විදේශිකයන් රැගත් වෑන් රථයක් පෙරළි ගිනිගනියි  (PHOTOS)




විදේශිකයන් රැගත් වෑන් රථයක් ගොකරැල්ල  ඕමාරගොල්ල ප‍්‍රදේශයේදී අද (09) දහවල් අනතුරකට පත් වුණා. 

ලිතුවේනියානු ජාතිකයන් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරකට ලක් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

එම වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළි ගිනි ගැනීමකටද ලක්ව තිබෙනවා. 

එහි සිටි විදේශීය යුවල සහ ඔවුන්ගේ දොළොස් හැවිරිදි දැරිය පිළිස්සුම් තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය පැවසුවේ. 

කොලඹ සිට සීගිරිය බලා යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පෑවා.