Tuesday, May 21, 2024

General line - 0115112241

වතු කම්කරුවන් මුලා කර කළ දේ ගැන ජවිපෙන් චෝදනාවක්




වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ අවබෝධතා ගිවිසුම යළිත් අත්සන් කරන ලෙස බලකරමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සාමාජිකයින් අත්පත‍්‍රිකා බෙදා දෙමින් අද (09) ජනතාව  දැනුවත් කළා. 

ඒ, හැටන් බස් නැවතුම්පළේදීයි. ඔවුන් එහිදී පැවසුවේ අවබෝධතා ගිවිසුමට අනුව 2017 වසර සඳහා වැඩි වී ඇත්තේ රුපියල් 50ක මුදලක් බවයි. 

එම මුදල රටේ පවතින ජිවන වියදම අනුව කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවද සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ සාමාජිකයින්  සඳහන් කළා. 

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ අරගලය වෙනුවෙන් ඉදිරියේදි වතුකරය පුරා වැඩ වර්ජනයක් සහ උද්ඝෝෂණද පවත්වන බවයි ඔවුන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.