Tuesday, May 21, 2024

General line - 0115112241

දඹුල්ල ජල යෝජනා ක‍්‍රමයේ පළමු අදියර ජනතා අයිතියට




දඹුල්ල, මාතලේ, කුරුණැගල සහ අනුරාධපුර දිස්ත‍්‍රික්කවල ග‍්‍රාම සේවා වසම් 175ක් සඳහා ජල යෝජනා ව්‍යාපෘතියක් අද (09) ජනතා අයිතියට පත් කෙරුණා. 

විසල් දඹුල්ල ජල යෝජනා ක‍්‍රමයේ පළමු අදියර ලෙස මෙය විවාති කෙරුණේ නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්ගේ ප‍්‍රධානත්වයෙන්. 

2012 වර්ෂයේ ආරම්භ කෙරුණු මෙම ජල ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජයේ මූල්‍ය අනුග්‍රහයද හිමිවුණා. 

මේ සඳහා ඉන්දිය රජය රුපියල් මිලියන දසදහසක්ද ලබා දී තිබෙනවා.