Tuesday, May 21, 2024

General line - 0115112241

ජනපති දිඹුලාගලදී භාරයක් ඔප්පු කරයි




ඉකුත් දින කිහිපයේ මෙරටට බලපෑ නියං තත්ත්වය පහව යන්නැයි ප‍්‍රාර්ථනා කරමින් කරන ලද භාරයක් ඉටු කිරීමට අද (09) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහභාගී  වුණා. 

ඒ, දිඹුලාගල සොරුවිල මුත්තුමාරි අම්මාන් කෝවිලේදියි. මෙම අවස්ථාවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් එක් සිටියා. 

මෙහිදි හේහාලිගල සහ පොලිලබැද්ද ආදිවාසින් විසින් කිරි කොරහ ශාන්තිකර්මය සහ අං කෙළිය ශාන්තිකර්ම සිදු කිරීම ද විශේෂත්වයක්. 

ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.