Wednesday, May 22, 2024

General line - 0115112241

බෝයගනේ අනතුරකින් තිදෙනෙකුට දිවි අහිමි වෙයි




කොළඹ - කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ බෝයගනේ ප‍්‍රදේශයේ අද (10) අලුයම සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියෙකු සහ දියණියක ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුර සිදු වුණේ කුරුණෑගල දෙසට ධාවනය වූ ත‍්‍රීරෝද රථයක්, ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන්.

අනතුරෙන් ත‍්‍රීරෝද රථයේ ගමන්ගත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පියාගේ වයස අවුරුදු 26 ක්. දියණිය අවුරුදු එකහමාරක් පමණ වයසැති බවයි පොලිසිය පැවසුවේ. අනතුරෙන් මියගිය අනෙක් කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.