Tuesday, May 21, 2024

General line - 0115112241

උෂ්ණ අධික තත්ත්වය තවත් ඉදිරියට




පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය මැයි මස අවසන් වන තෙක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනූෂා වර්ණසූරිය සඳහන් කළේ උණුසුම් කාලගුණ තත්වයට හේතුව මෙරට හරහා හමා යන සුළං ප‍්‍රවාහය අඩුවීම බවයි. 

මේ අතර මෙම කාලයේ අවුරුදු බක් මහ උළෙල ක‍්‍රීඩා තරගවලට දිවා කාලයේ එක්වීමේ දී සැලකිලිමත් විය යුතු බවයි ක‍්‍රීඩා වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

මේ නිසා දිවා කාලයේ ක‍්‍රීඩාවල නිරත වන්නේ නම් වැඩි වශයෙන් ජලය පානය කිරීම වැදගත් බවයි වෛද්‍ය ලාල් ඒකනායක වැඩිදුරටත් සඳහන් කළේ.