Thursday, May 16, 2024

General line - 0115112241

අගමැති අද ඩයස්පෝරා සමුළුව අමතයි




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (18) තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරයේ මුඛ්‍ය දේශනය සිදුකරනවා.

සැසිවාරය පැවැත්වෙන්නේ සිංගප්පූරුවේ රැෆල්ස් නාගරික සම්මන්ත‍්‍රණ කේන්ද්‍රයේදීයි. මෙම සමුළුව සඳහා ආරාධිතයන් දහසකට අධික පිරිසක් සහභාගි වනු ඇති.

කලාපයේ ප‍්‍රමුඛ ප‍්‍රතිපත්ති සම්පාදකයන්, විද්වතුන් සහ සිවිල් සමාජ නායකයන් පනහකට අධික පිරිසක්ද ඊට සහභාගි වන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය ප‍්‍රකාශ කළේ.

දකුණු ආසියානු කලාපයේ අනාගතයට බලපාන ප‍්‍රතිපත්ති මෙන්ම ආර්ථික හා වෙළෙඳ ක්‍ෂේත‍්‍රයන් සම්බන්ධයෙන් මෙම සැසිවාරයේදී සාකච්ඡා කෙරෙනවා.