Friday, May 17, 2024

General line - 0115112241

දෙණියායේ දී ගින්නකට හසුවී කාන්තාවක් මරුට




දෙණියාය, හෑන්ඞ්පර්ඞ් නව ගම්මානයේ නිවසක ඇති වූ ගින්නකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. 

පොලීසිය පැවසුවේ නිවසේ හිමිකාරිය බෙරලපනාතර ප‍්‍රදේශයේ කාන්තාවකට නැවතී සිටිම සදහා මෙම නිවස ලබාදී තිබූ බවයි. 

ගින්නෙන් මුළු නිවසම දැවී ගොස් තිබෙනවා. 

පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නිවස තුළ තිබූ කාන්තා මළසිරුර සොයා ගැණුනා. 

මෙලෙස මියගොස් ඇත්තේ හැට හැවිරිදි කාන්තාවක්. 

පශ්චාත් මරණ පරීක්‍ෂණය අද සිදුකිරීමට නියමිතයි.