වව්නියාවේදී වන අලියෙකුට වෙඩි තැබූ වන ජීවි නිලධාරියාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඊයේ වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලි සිව් දෙනෙකු බේරා ගැනීම සඳහා කටයුතු කරමින් සිටියදී බැකෝ යන්ත්‍රයේ සිටි රියදුරා විසින් වන අලියෙකුට වෙඩි තබනු ලැබුවා. ඒ. වගා ළිඳෙන් පිටතට පැමිණි වන අලියෙකු බැකෝ යන්ත්‍රයට පහර දීමට ගත් උත්සාහයත් සමගයි.
සිය ආත්මාරක්ෂාව උදෙසා වෙඩි තැබීම සිදු කළ බවයි අදාල වන ජීවි නිලධාරීයා ප්‍රකාශ කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය මට්ටමෙන් ද පරික්ෂණයක් පැවැත්වෙන බව වන ජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියා.
මේ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව මගින් ද පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.