Sunday, September 22, 2024

General line - 0115112241

රටටම අවධානම් තවත් කුණු කඳු රැසක්




අනතුරුදායක කසළ කඳු පිහිටි ප‍්‍රදේශ රැසක් මේ වනවිට හදුනාගෙන ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ පිළිබඳ කරුණු අනාවරණය කළා.

එහිදී ඔහු සඳහන් කළේ "ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පැවැති රැස්වීමේදී වාර්තා වුණා තවත් ස්ථාන ගණනාවක අනතුරුදායක තත්ත්වයට පත්වෙන්න පුළුවන් කසළ කඳු ගණනාවක් තියෙනවා කියලා. ඒකෙන් ප්‍රධානම කසළ කඳු දෙක පවතින්නේ මහනුවර. ඒ ගොහාගොඩ සහ ගම්පොළ. ඒ දෙකෙන් මහවැලි ගඟට සහ පොල්ගොල්ල ජලාශයට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ වගේම මාතර, ගාල්ල, කළුතර, ගම්පහ, පෑළියගොඩ, කැළණිය වගේ ස්ථානවලත් ලොකු කුණු කඳු ගොඩ ගැසෙමින් තිබෙනවා." යනුවෙනි.