Sunday, September 22, 2024

General line - 0115112241

කුණු "ගල්" කර ගෙවල් හදන පෙදරේරුවෙක් (VIDEO)




තවමත් ශ‍්‍රී ලංකාව තුළ විසඳුමක් නොමැති ප‍්‍රශ්නයක් වන කැළිකසල සිය අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරමින් අපූරු නිෂ්පාදනයක් කරන පුද්ගලයෙකු පිළිබඳව අපට වාර්තා වුණා.

ඔහු වෘත්තියෙන් පෙදරේරුවකු වන අතර එච්.එන්. සුසන්ත අමරසිංහ ඔහුගේ නමයි.

තම නිෂ්පාදනයේ ඇති සුවිශේෂිතා සම්බන්ධයෙන් සුසන්ත අමරසිංහ මෙලෙස අදහස් පළ කළා.

"මෙම ගල් නිෂ්පාදනය කිරීම සඳහා මට යන්නේ ඉතාම සුළු මුදලක්. මෙම ගල් මුහුදු ඛාදනයට, පාංශු ඛාදනයට සාර්ථක විසඳුමක් ලෙස භාවිතා කරන්න පුළුවන්. මේ ගල් කැට නිෂ්පාදනය කරන ක්‍රමවේදය මත එය භාවිතා කළ හැකි අවස්ථා වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට එක ගල් වර්ගයක් හැදුවා..නුවරඑළිය ප්‍රදේශයට. ඒ ගල් භාවිතා කරලා නිවසක් හැදුවම ඒ නිවස තුළ උණුසුම රැඳී තිබෙනවා. මේ ගල් කැට සඳහා වැලි භාවිතා කරන්නේ නැහැ. නගර සභාවලින් ගන්න කුණු සහ රසායනික ද්‍රව්‍යක් තමයි භාවිතා කරන්නේ. වාහනවල ඉදිරිපස වීදුරු කොටස් මේ ගල සඳහා යොදා ගන්නවා."  

මෙම නිෂ්පාදනය සඳහා තමන්ට නිසි සහයෝගයක් ලැබුණහොත් කැළි කසල ගැටලුවට එය ස්ථිර විසඳුමක් වනු ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.