Sunday, September 22, 2024

General line - 0115112241

GSP+ බදු සහනය දෙන්න යුරෝපා පාර්ලිමේන්තුව අද ඡන්දය විමසයි




ශ‍්‍රී ලංකාවට ජි.එස්.පී. ප්ල්ස් බදු සහනය ලබා දීම පිළිබඳ ඡන්ද විමසීම යුරෝපා පාර්ලිමේන්තුවේ දී අද (27) පැවැත්වීමට නියමිතයි.

ඡන්ද විමසීමේ දී ශ‍්‍රී ලංකාවට සහය හිමි වනු ඇති බවයි අමාත්‍ය අජිත් පී පෙරේරා නෙත් නිවුස් වෙත සඳහන් කළේ. 

ජී.එස්.පී. ප්ල්ස් බදු සහනය ශ‍්‍රී ලංකාවට ලබා නොදිය යුතු බවට ඉකුත් දා යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ද ඉදිරිපත් වුණා.

යුරෝපා පාර්ලිමේන්තුවේ තීරණය යුරෝපා කොමිසමට දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණය දැනුම් දීමට නියමිතයි.