Friday, September 20, 2024

General line - 0115112241

දඬුවම් දෙන්න විශ්වවිද්‍යාලය ඇතුළෙන්ම පුළුවන්




යාපනය විශ්වවිද්‍යාලයේ ඉකුත් දා ඇති වූ ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන්ට විශ්වවිද්‍යාල පරිපාලනය තුළ ඇති නීති රීතින් දැඩිව කි‍්‍රයාත්මක කළ යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කරනවා.

ආචාර්ය රංගික හල්වතුර මහතා පෙන්වා දෙන්නේ එවැනි ආකාරයෙන් විශ්වවිද්‍යාල තුළ හැසිරෙන ශිෂ්‍යයින්ට දඬුවම් දීමේ ක්‍රියාවලියක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති බවයි. මෙවැනි සිදුවීම් පදනම් කර ගනිමින් රට යළිත් අතීතයේ පැවැති ගැටලුකාරී තත්ත්වයන්ට පත් නොකිරීමට සමස්ත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ශිෂ්‍යයින් මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බවද ඔහු වැඩි දුටරත් පැවසුවා.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එම විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදී අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ඊට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සහ ආචාර්ය මණ්ඩලය ද සහභාගි වී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ශිෂ්‍ය සංගම් නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.