Wednesday, April 24, 2024

General line - 0115112241

අදත් සයිබර් ප්‍ර‍හාරයක අවධානමක් ! ඔබේ පරිගණකයේ දත්ත ඔබට නැතිවෙන හැටි මෙන්න



තවත් ප්‍රබල සයිබර් ප්‍රහාරයක් අද (15) එල්ල කිරීමට හැකියාව ඇති බව පරිගණක ආරක්ෂක විද්‍යාඥයන් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ද ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරනවා.

පසුගිය සිකුරාදා එල්ල කළ සයිබර් ප්‍රහාරයෙන් මේ වන විට ලොව පුරා රටවල් එකසිය පනහක පමණ පරිගණක ලක්ෂ දෙකකට වඩා හානි වී ඇති බවද අද දිනයේදී එල්ල කරනු ඇතැයි සිතන ප්‍රහාරයද ඒ හා සමානම විනාශයක් සිදුකිරීමට ඉඩ ඇති බැවින් අද දිනයේදී අන්තර්ජාලයේ රැකියා සෙවීම් අඩවි, භාණ්ඩ ඇණවුම් කිරීමේ අඩවි සහ සමාජ ජාලය භාවිත කිරීමේදී ප්‍රවේශම් වන ලෙස පරිගණක ආරක්ෂක විද්‍යාඥයන් පවසනවා.

මෙවැනි සයිබර් ප්‍ර‍හාරයකදී සිදුවන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් රෂාන් හසරංග විසින් සම්පාදිත මෙම ලිපියෙන් 

Ransomware කියන්නේ මේ දවස්වල ලෝකේ පුරාම විවිධ රටවල්වල කතා වෙන මාතෘකාවක්.. ෆේස්බුක් එකේ කිහිපදෙනෙක්ම මට msg දාලා මේ ගැන අහලා තිබුනත් වචන දෙක තුනක්වත් සටහන් කරන්න ඉඩක් ලැබුනෙම නැහැ..  අද හවස හිරු ප්‍රවෘත්තිවලත් විනාඩි කිහිපයක් මේ සම්බන්ධව වෙන් කරලා තියනවා මම දැක්කා.. ඉතින්..., අවධානමට පෙර සූදානම හොදයි කියලා ඉඩක් ලැබුණු වෙලාවේ මේ ගැන ලියන්න මම තීරණය කරා.. ☺️

Ransomware කියන වෛරස් එක හදලා තියෙන්නේ අපේ වැදගත් ෆයිල්ස් Automatically Encrypt වෙන විදියට.. සාමන්යෙන් Files Encrypt කරන්නේ ඒ ෆයිල් එකේ ආරක්ෂාව වැඩි වෙන්න.. අපි File එකක් Encrypt කරාට පස්සේ ඒක නැවතත් යථා තත්වයට අරගෙන පාවිච්චියට ගන්න නම් අපිට Encrypt එකට අදාළ Decryption Key එක අවශ්‍ය වෙනවා අපේ.. නමුත් මේ "Ransomware" කියන වෛරස් එක අපේ පරිගණකයකට ආසාධනය වුනොත්, අපට නොදැනුවත්ව අපේ Files ඉතාමත් වේගයෙන්-ස්වංක්‍රීයව Encrypt වීගෙන යනවා, නමුත් නැවතත් ඒ Files යථා තත්වයට පත්කරගැනීමට අවශ්‍යවෙන Decryption Key එක අපේ අතට ලැබෙන්නේ නැහැ, ඒ වෙනුවට ඒ Decryption Key අදාළ Ransomware එක නිර්මාණය කළ පුද්ගලයා (Hacker) අතට තමයි යන්නේ..