Friday, February 21, 2025

General line - 0115112241

ශ්‍රීලනිප ඇමතිවරු ජනපති හමුවෙයි



වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් තීරණය කර තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ හෙට (19) දිනයේදී අදාළ සාකච්ඡාව පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට ඉදිරිපත් කර ඇති සංශෝධන මෙතෙක් ලැබී නොමැති බවයි. එහෙත් ඕනෑම ගැටලුවක් සාකච්ඡා කිරීමට සූදානම් බවයි ඒ මහතා සඳහන් කළේ.