Friday, February 21, 2025

General line - 0115112241

ඇවන්ගාර්ඩ් කපිතාන් යළි රිමාන්ඩ්



ඇවන්ගාර්ඩ් නෞකාවේ යුක්රේන ජාතික කපිතාන්වරයා ලබන මස පළමුවැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ගාල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් කේ.එල්.ජී බණ්ඩාර මහතා අද (18) ලබාදුන් නියෝගයක් අනුවයි.

සැකකරු නීතීඥවරුන් මාර්ගයෙන් ඇප ඇයදුමක් ඉදිරිපත් කළද එය ප‍්‍රතික්ෂේප කෙරුණා.

නීතිවිරෝධීව ගිනි අවි ප‍්‍රවාහනය කිරීම මෙම සැකකරුට එරෙහි චෝදනාවයි.