Friday, September 20, 2024

General line - 0115112241

දියේ ගිලෙමින් සිටි සිසුවා සමඟ ජීවිත 70ක් බේරාගත් ජීවිතාරක්ෂක කණ්ඩායම




දඹුල්ල විහාරස්ථානයට පැමිණ පන්සලේ වැවේ දිය නෑමට ගොස් දියේ ගිලෙමින් සිටි පාසල් සිසුවෙකුගේ දිවි බේරා ගැනීමට දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂ කණ්ඩායම සහ දඹුල්ල ජල ක‍්‍රීඩා සමාජය සමත් වුණා. 

ඒ  දිවි බේරා ගෙන ඇත්තේ පොතුහැර වල්පොල පදිංචි පාසල් සිසුවෙකුගේයි. 

සිය ඥාතීන් සමග දියනාමින් සිටියදී අදාල සිසුවා දියේ ගිලෙනු දැක අසල රාජකාරියේ යෙදී සිටි දඹුල්ල පොලිසියේ ජීවිතාරක්ෂක නිලධාරීන් දරුවා බේරා ගෙන තිබෙනවා. 

මෙම ජීවිතාරක්ෂක කණ්ඩායම මේ වන විට බේරා ගෙන ඇති ජීවත ගණන 70 ක්. 

කණ්ඩලම, ඉබ්බන්කටුව, පන්සලේවැව සහ රන්දෙනිය වැවේ දියේ ගිලූණු පිරිස් බේරා ගෙන ඇති බවයි දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික‍්‍රමරත්න සඳහන් කළේ.