Wednesday, May 15, 2024

General line - 0115112241

කුණු ගැටලුව යළිත් මතුවෙයි (PHOTOS)




හැටන් නගරයේ සියලුම වෙළදසැල් අද (15) දින වසාදමා ව්‍යපාරික ප‍්‍රජාව හැටන් ඔරලෝසු කණුව ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යපාරයක් ආරම්භ කර තිබෙනවා. 

මාස ගණනාවක සිට හැටන් නගරයේ එකතුවන කැළි කසල නගර සභාව මගින් ඉවත් නොකිරීමට විරෝධය පාමින් මෙම විරෝධතා ව්‍යාපාරය සිදු කෙරෙනවා.

එම කැළි කසල නගර මධ්‍යයේ රථගාල්වල හා මහජන පොළ භූමියේ එක්රැස්වී තිබිම හේතුවෙන් ප‍්‍රදේශය පුරා දැඩි දුගඳක් හා පරිසර දූෂණයක් සිදුවි ඇති බව පවසමිනුයි මෙම උද්ඝෝෂණය ආරම්භ කර තිබෙන්නේ.

හැටන් දික්ඔය නගර සභාවේ වසර ගණනාවක සිට එකතුවන කැළි කසල හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කුඩාඔය ප‍්‍රදේශයට බැහැර කළ අතර එම ස්ථානයට පැන වු අධිකරණ නියෝගයක් මත කැළි කසල බැහැර කිරිමට ඉඩමක් නොමැති නිසා මෙම තත්ත්වය උද්ගත වි ඇති බවයි නගර සභා නිළධාරින් පවසන්නේ්.

විකල්ප ඉඩමක් දැනට හඳුනාගෙන ඇති බවත් එම ඉඩම නගර සභාවට පවරා ගන්නා තෙක් මෙම ගැටලුව පවතින බවයි නගර සභා නිළධාරින් පවසන්නේ. මෙම උද්ඝෝෂණය හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට ද බාධා පැමිණ තිබෙනවා.